එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයාගේ නව අවුරුදු පනිවිඩය:

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයාගේ නව අවුරුදු පනිවිඩය:

(Mr. António Guterres)

ලෝකයට අනතුරු ඇඟවීමක්


(UNIC photo)

1 ජනවාරි 2018.

ලොව පුරා සිටින දයාබර මිතුරනි,

සුබ අලුත් අවුරුද්දක් වේවා!

මින් වසරකට පෙර මා තනතුර භාරගන්නා විට 2017 සාමකාමි, සාමයේ වසරක් කරන ලෙස මම ඉල්ලා සිටියෙමි. අවාසනාවට, මූලික වශයෙන් සලකා බලන කල ලෝකය ගමන් කර ඇත්තේ විරුද්ධ අතටය. 2018 නව වසර උදාවේ, මම ඉල්ලීමක් නොකරමි.
මම අනතුරු ඇඟවීමක් කරමි. එය ලෝකයට රතු එළි අනතුරු ඇඟවීමකි.

ගැටුම් උග්‍රවී ඇති අතර නව අන්තරායන් මතු වී ඇත. සීතල යුද්ධයෙන් පසු න්‍යාශ්ටික අවි පිළිබඳ ගෝලීය සැක සංකා උත්සන්න වී ඇත.
අපට වඩා වේගයෙන් කාලගුණ වෙනස්කම් සිදුවේ. අසමානකම් වර්ධනයවේ.
අපි මානව හිමිකම් භයානක ලෙස උල්ලංඝණය වන අයුරු දකින්නෙමු. ජාතිකත්වය සහ අධිබීතිකාව ඉහළට යයි.
2018 ආරම්භයේදී මම එකමුතු වන ලෙස ඉල්ලා සිටිමි. අපට ගැටුම් නිරාකරණය කර ගැනීමෙන් ලොව වඩා ආරක්ෂිත සහ සුරක්ෂිත කල හැකි බව මම විශ්වාස කරමි. වෛරය තුරන්කර බෙදාහදාගන්නා වටිනාකම් ආරක්ෂා කරගත හැක. නමුත් එය අපට කල හැක්කේ එකට එකතු වුවොත් පමනි. මම මෙය ලෝක නායකයන්ගේ නව අවුරුදු අධිශ්ටානය කර ගන්නා මෙන් ඉල්ලා සිටිමි. පරතරය පටු කරන්න: බෙදීම් යා කරන්න. පොදු අරමුණු වටා මිනිසුන් එක් රොක් කර විශ්වාසය නැවත ගොඩ නගන්න. එකමුතුකම මාවතයි. අපේ අනාගතය එය මත රඳා පවති.

2018 වසර තුල ඔබට සාමය හා සුවය මම ප්‍රාර්තනා කරමි!

ස්තූතියි.

UNITED NATIONS INFORMATION CENTRE, COLOMBO

~ ~ ~

United Nations Information Centre 202-204, Bauddhaloka Mawatha, Colombo 7, Sri Lanka •
• Telephone: 94 (11)2580691-8 Ext. 2100/2101/2102 Fax: 94 (11) 2581116 • Mobile: 077 3134308
E-Mail: unic.colombo@unic.org Web: http://colombo.unic.org